,

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම – Google Adsense Tutorial 1

හැදින්වීම

ආයුබෝවන් කියලා ඔයාලා හැම දෙනාම මම අද පිළිගන්නවා wrongside වෙබ් අඩවියට. මම අමිල ප්‍රසාද්, අද මම මේ ලියන්නේ මගේ පළවෙනි post එක. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි online money එහෙමත් නැත්නම් ඊ මනී. ඉතින් අද මම මේ post එකෙන් ඔයාලට කියල දෙන්න උත්සාහ කරන්නේ මොකක්ද මේ ඊ මනී කියන්නෙ අපි කොහොමද මේක කරන්නේ සහ මම අවුරුදු හයක් වගේ කාලයක් තුළ ලබාගත්ත මගේ අත්දැකීම් ඔයාලා එක්ක බෙදා හදා ගන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් මම හිතන්නේ නැ post එකකින් ඔයාලට මේ හැමදෙයක්ම කියන්න පුළුවන් වෙයි කියලා. මම මුලික හැදින්වීමක් දෙන්නම් මොකක්ද online money කියන්නෙ කොහොමද අපි මේක කරන්නේ මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක්ද මේ වෙනුවෙන් අපි කොච්චර කාලයක් ගත කරන්න ඕනද වගේ හැමදෙයක් ගැනම මං ඔයාලත් එක්ක බෙදා හදා ගන්න උත්සාහ කරනවා.

online money ගැන කතා කරන කොට අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා අන්තරජාලය තුල. ඒ වගේ ප්‍රායෝගික සහ බොහෝ දෙනෙක් දැනට කරන කිහිපයක් ගැන මම සරල අදහසක් දෙන්නම්.

1. bux site
2. eBay
3. Fiverr
4. Adsense

 

සහ තවත් දේවල් ගොඩක් තියෙනවා, ඒ වගේම මෙතන සඳහන් කරපු හැම දෙයක් වගේම මම කාලයක් තිස්සේ කරලා තියෙනවා අත්හදා බැලීම් කරල තියනව ලගදි ගොඩක් ජනප්‍රිය උන shopify store එකකුත් මම මේ වෙනකොට කරන්න පටන් අරන් තියෙනවා, ඒ වගේම අකෙන් මම සාර්ථක ප්‍රතිපල අරගෙනත් තියනවා. හැබැයි මේ හැමදෙයක් අතරින්ම ගොඩක්ම සාර්ථක දෙයක් විදියට මම දකින්නෙ google Adsense. එතකොට ඔයාල අහයි bux sites වගේ දේවල් කරන්න බැරිද එය සාර්ථක වෙන්නේ නැද්ද කියලා ඇත්තටම කියනවනම් bux site කියලා කියන්නේ onbox, neobox වගේ site වලඅන්තර්ගත වන වෙළඳ දැන්වීම් click කර නැරඹීම මගින් මුදල් සෙවීමයි. නමුත් ඔබට ඩොලර් එකක් වැනි මුදලක් එකතු කර ගැනීමට දින කිහිපයක් පමණ මහන්සි වීමට සිදුවන ඉතාමත් අසාර්ථක වූ ක්‍රමවේදයක්. සරලවම කියනවා නම් Bux site වලින් මුදල් ඉපයීම ගොඩ දෙනෙක් හඳුන්වන්නේ අන්තර්ජාලය සිඟාකෑම යනුවෙනි.

eBay platform එක ගැන කියනවනම් ගොඩක් සාර්ථක වෙළඳ භාණ්ඩ විකිණීමට හැකියි වෙබ් අඩවියක්. නමුත් මේකේ ගැටලු කීපයක් තියෙනවා. ප්‍රධානම ගැටලුව වෙන්නේ අපි eBay එක හරහා යම්කිසි භාණ්ඩයක් විකුණුවහොත් අපට ලැබෙන මුදල් PayPal ගිණුමක්හරහා ලංකාවට ගැනීමට සිදුවීමයි. නමුත් අවාසනාවකට වගේ ලංකාවට PayPal ගිණුම money received කිරීම සඳහා එහෙමත් නැත්නම් මුදල් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සඳහා නිත්‍යානුකූල ලෙස අවසරද ලබාදීලා නැහැ.නමුත් එක් එක් අය මේ සඳහා විවිධාකාර ක්‍රම භාවිතා කරලා ලංකාවට මුදල් ගෙන්න ගන්නවා. ඉදිරියේදී ඔබට අවශ්‍ය නම් ebay කොහොමද කරන්නෙ කියල කියල දෙන්න පුළුවන්. මේක කරන්නේ කොහොමද? මුදල් ලංකාවට ගෙන්න ගන්නෙ කොහොමද? ඒ හැමදෙයක්ම, නමුත් මම මෙතනදි ඒ ගැන සඳහන් කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. eBay වල තියෙන ඊළඟ ගැටලුව තමයි ලංකාවේ කට්ටිය දැන් dropshipping කරන්න අමාරු වෙලා තියන එක. උදාහරණයක් විදියට ගත්තොත් aliexpress, amazon.com, buyincoins වගේ වෙබ් අඩවි වලින් අඩු මුදලකට භාණ්ඩයක්මිලදීගෙන වැඩි මිලකට ලාභාංශයක් තබාගෙන eeBayහරහා අපට ඒ භාණ්ඩය විකිණීම ට හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේක dropshipping කියලා තමා හඳුන්වන්නේ නමුත් අවාසනාවකට වගේ දැන් චීන ජාතිකයින් ඉතාමත් අඩු මුදලකට eBay වෙබ් අඩවිය හරහා ඔවුන්ගේ භාණ්ඩ විකිණීමට පටන් ගෙන තියෙනවා. ඉතින් මේ නිසා eBay කරන එක දැන් ගොඩක් අපහසුතාවයකට පත්වෙලා තියෙනවා ලංකාව වගේ භාණ්ඩ නිෂ්පාදනය නොකරන රටවල් වලට දැන් මේක ගැටළුවක් වෙලා තියෙනවා.

Fiverr එක ගැන කියනවනම් ඇත්තටම ලංකාවේ ගොඩාක් අය Fiverr නිසා තමා අන්තර්ජාලයෙන් මුදල් සෙවීම සඳහා නැඹුරු වෙන්න පටන් ගත්තේ. නමුත් ඇත්තටම කියනවනම් දැන් තියෙන තත්වෙත් එක්ක නවකයෙක්ට කවදාකවත් Fiverr කරලා ඉදිරියට එන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෙ නැ. මම එක බෑ කියලා කියන්නෙනැ. නමුත් නව Fiverr update එකත් එක්ක ගොඩක් වෙලාවට නවකයෙක්ට තැනක් නැති වෙන විදියට තමයි Fiverr Systume එක හරිගස්සල තියෙන්නේ. මම Fiverr කරලා තියෙනවා, මුදල් හොයලා තියෙනවා, සාර්ථකත්වයක් අත්විඳලා තියෙනවා. නමුත් මට දැනෙන විදිහට නවකයෙක්ට මම කියන්නේ ඇත්තටම Fiverr වලින් පටන්ගන්න එකයම් කිසි අවදානමක් තියෙනවා. මොකද Fiverr orders එන්නේ නැති උනහාම online money හරියන්නේ නැහැ, මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, මේවා බොරු කතා වගේ මතයන්ට එන්න පුලුවන්.

හරි මම දැන් අපි වැදගත්ම මාතෘකාව වෙන Google Adsense ගැන මම කතා කරන්නම්. මම Adsense පටන් ගත්තේ මීට අවුරුදු හයකට විතර කලින්. සමාන්‍යන් Adsense ගැනීම සදහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී යම් යම් විදියේ ගැටලු තත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. මම දැනටම කට්ටියට අදහසක් දෙන්න යන්නෙ. අලුත් අලුත් වචන නිසා කෙනෙක්ට අපහසු වෙන්න පුළුවන්. ඒවා ගැන එච්චර හිතන්න එපා මේ ටියුටෝරියල් සෙට් එකේදි මම 2017 Google Update එකට ගැලපෙන විදිහට කොහොමද අපී website එකක් රෑන්ක් කරගන්නේ, Adsense ලබාගන්නේ කොහමද මේ හැම දෙයක් ගැනම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

ඇත්තටම මොකක්ද ගුගල් ඇඩ්සෙන්ස් කියලා කියන්නේ? අපි කොහොමද Google Adsense වලින් මුදල් හොයන්නේ? පුලුවන් ආකාර කීපයක් තියෙනවා. google Adsense support කරන ආකාර දෙකක් තියෙනවා.

1. වෙබ් අඩවියක් හරහා ඇඩ්සෙන්ස් ගිණුමක් සම්බන්ධ කර මුදල් ඉපයීම.
2. youtube video සදහා ඇඩ්සෙන්ස් මගින් මුදල් ඉපැයීම.

යන ආකාර දෙකටම අපට ඇඩ්සෙන්ස් මගින් මුදල් උපයන්න පුළුවන්. මම youtube හරහා මුදල් ඉපයීම ගැන මෙතනදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් ලංකාවට ගොඩක් සාර්ථක ක්‍රමයක් වන වෙබ් අඩවියක් හරහා Adsense මගින් මුදල් ඉපයීම මෙහිදී ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

යම්කිසි මාතෘකාවක් යටතේ අපි වෙබ් අඩවියක් නිර්මාණය කරනවා. අපි මේ නිර්මාණය කරන වෙබ් අඩවිය, වෙබ් අඩවියට එන කියවන්නා හට වැදගත් යමක් අන්තර්ගත වන වෙබ් අඩවියක් විය යුතුය. වැනි වෙබ් අඩවිය සඳහා ගුගල් ආයතනය මගින් ලබාදෙන google Adsense ගිණුම සම්බන්ධ කිරීමෙන් මුදල් ඉපැයීම ආරම්භ කළ හැක. හැබැයි මේ වැඩේ මම මේ කියන තරම් ලේසි දෙයක් නෙමේ මේක හොඳ දැනුමක් ඉවසීමක් වගේම ආයෝජනය කිරීමට සිදුවෙනවා.

ඊට පස්සේ හදාගත්ත වෙබ් අඩවියට එන visitors ලා මගින් Google Adsense මගින් මුදල් ලැබීම සිදු වෙනවා. මේක වෙන්නේ Google ආයතනය මගින් ලබාදෙන වෙළඳ දැන්වීම් අපගේ වෙබ් අඩවිය තුල ප්‍රදර්ශනය කරනවා. එතකොට අපේ වෙබ් අඩවියට එන visitors ලා වෙළද දැන්වීම් නැරඹීම මගින් අපට මුදල් ලැබීම සිදු වෙනවා. එය ආකාර දෙකකට සිද්ධ වෙනවා, impressions වලටත් අපට ගෙවීමක් සිදු කරනවා ඊට අමතරව ක්ලික් කිරීම මගින් මුදල් Google ආයතන මගින් අපට දෙනවා. කියනකොටනම් වැඩේ ලේසියි හැබැයි මේක කරද්දී තම අමාරු. wrongside වෙබ් අඩවියේ admin “නුවන්” ඓය මට කරපු ඉල්ලීමකට අනුවයි මම මේ tutorial set එක කරන්න කැමති උනේ. ඉතින් මම අවුරුදු ගානක් තිස්සේ e -money ගැන දැන ගත්තු හැම දෙයක්ම ඔයාල එක්ක බෙදාගන්නයි මේ උත්සහ කරන්නේ.

හරි මම මෙතනින් එහාට මේක ගැන කතා කරන්න කලින් ඔයාලට පොඩි proof එකක් පෙන්නන්නම්. මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා ඇත්තටම මේ කියන විදියට Google Adsense වලින් මුදල් හොයන්න පුලුවන්ද කියන ගැටලුව. මේකෙන් අදහසක් ගන්න පුලුවන් මාසෙකට මොන තරම් ආදායමක් මේ google Adsense වලින් ගන්නවද කියන එක. ඇත්තටම මේක මම දාන්නේ කට්ටියට මේක පිළිබඳව ආශාවක් ඇති කරන්න මොකද එහෙම නැතුව අපි කොච්චර නම් මේ tutorial එක මෙතනින් එහාට කරගෙන ගියත් ඔයා ගොඩක් කට්ටිය පලවෙනි tutorial එකෙන් දෙකෙන් තුනෙන් හැලෙන්න පුළුවන්. මතකතියා ගත්තොත් මේක මම යම්කිසි කාලයක් වැය කරලා මං මේක කරනවා කියලා අනිවාර්යෙන්ම ඔයාලට success වෙන්න පුළුවන්.

හරි අපි දැන් බලමු කොහොමද මේ ගූගල් ඈඩ්සෙන්ස් වෙබ් අඩවියක් නිර්මාණය කරලා සල්ලි හොයන්නේ කියලා. ඒකට මූලිකවම අවශ්‍ය වෙන්නේ මොනවද කියලා මම එකින් එක section විදිහට දාන්නම්, අපි මොනවද මේ ටියුටෝරියල් සෙට් එකේ ඉගන ගන්නේ කියලා.

1 වෙබ් අඩවි නිර්මාණය
2 keyword analyze කිරීම
3 article writing/content writing
4 google Adsense ගිණුමක් ලබා ගැනීම
5 SEO – search engine optimization
6 වෙබ් අඩවියට visitors ගෙන්වාගැනීම

මං මෙතන මේ සදහන් කරපු ප්‍රධාන කරුණු හයට අමතරව ඒ ඒ කරුණු යටතේ අපි කතා කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් keyword analyzing කරනකොට කොහොමද අපි keywords තෝරගන්න ඕන Niche එක මොඅක්ක්ද. ඒ තෝරගන්න දේ තෝරගන්න KEY WORD එකට හදන වෙබ් අඩවිය සාර්ථක කරගන්න පුලුවන්ද. යන කාරණා අපි බලන්න ඕන. ඊට අමතරව article එකක් අපි ලියන කොට කොහොමද article එකක් ලියන්නේ. එක ලියන ක්‍රමවේදයක් තියෙනවා ද? spam නැති වෙන විදියට ආටිකල් එකක් ලියන්නේ කොහොමද? මේ වගේ කාරණා ගොඩක් තියෙනවා ඉතින් මේ හැම දෙයක් ගැනම ඊළඟ tutorial අකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනව. මං හිතනවා ඔය කට්ටියට යම්කිසි අදහසක් එන්න ඇති මොකක්ද මේ online money කියන්නේ. අපි මේකෙන් මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන දේ.

ඉතින් මේක ඇවිල්ලා මගේ පළවෙනි පෝස්ට් එක.ඉතින් මම ලියපු ශයිලය ගොඩක් වෙලාවට වෙනස් ඇති. යම් යම් කිසි අඩුපාඩු ඇති. ඉදිරියේදී මේ අඩුපාඩුව මම හදා ගන්න බලාපොරොත්තු වෙනවා සහ මම මගේය Google Adsense tutorial set එකේ මූලිකවම web designing ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේගැන ටිකක් දිගට යයි. ඉතින් tutorial කිහිපයක් විදියට මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඕනම කෙනෙක්ට web designer කෙනෙක් වෙන්න පුළුවන්. සරල ක්‍රම වේදය තියෙනවා HTML, PHP, ගැන කිසිම දැනුමක් නැතුව අපිට පහසුවෙන්ම website එකක් හදාගන්න පුළුවන් ක්‍රම තියනවා. ඉතින් ඒ ගැන මම පුළුල් ලෙස කතා කරන්න බලාපොරොත්තුවෙනවා. ඕනෙම කෙනෙක්ට website අඩවියක් පහසුවෙන් නිර්මාණය කරන්න හැකියාව web designing tutorial එකෙන් පස්සේ පුළුවන් වෙනවා.

ඉතින් ඔයාලගේ අදහස් තියෙනවනම්, ඔයාල තව බලාපොරොත්තු වෙන දේවල් තියෙනවනම්, මේ ආටිකල් එක සම්බන්දව මොනා හරි ගැටළු තියෙනවා නම්, අනිවාර්යයෙන්ම comments section එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම මේ ආටිකල් එක පුළුවන් තරම් ඔයාලගෙ යාලුවො අතර Share කරන්න ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේක ගොඩ දෙනෙක් බලයි කියල. ඔයාල ගොඩ දෙනෙක් මේක බලල මේකට එන ප්‍රතිචාරත් එක්ක, ඊලග post එක මම ඉක්මනිනම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හැමදෙනාටම සුබ දවසක්, මම අමිල ප්‍රසාද්.

කොමෙන්ට් කරන්න අමතක කරනන් එපා

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%