,

මුහුදු පතුලෙන් සොයාගත් ඇදහිය නොහැකි වස්තුන්

මෙම ලිපියෙන් මුහුදු පතුලෙන් සොයා ගැනුනු විශ්මයජනක සොයාගැනීම් කිහිපයක් ඔබට ගෙන එනු ඇත. විද්‍යාඥයන් හා පර්යේෂකයින් කවදාවත් හිතුවේ නෑ මේ පුදුම දේවල් මුහුදු පතුලෙන් සොයාගැනීමට හැකි වෙයි කියලා.

1. ග්‍රීසියේ ඉපැරණි පරිගණකය මුහුදට යටින් හමු වූ පුරාණ ග්‍රීසියේ පරිගණකය ගැන ඔබ කවදා හෝ දැනගෙන තිබේද? එය Antikythera mechanism ලෙස හැඳින්වේ. මෙය ලොව ප්‍රථම ඇනලොග් පරිගණකය ලෙසද හදුන්වන්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම විද්‍යාඥයන් පවසන පරිදි සුර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ගැන අනාවැකි පළ කිරීමට මෙම සංකීර්ණ යන්ත්‍රයට හැකියාව තියනවා. විද්‍යාඥයන් එය ලොව ප්‍රථම ඇනලොග් පරිගණකය ලෙස හැඳින්වූයේ ඒ නිසයි. නමුත් එය අනුමානයක් පමණක් වන අතර එහි සැබෑම කාර්යය කුමක්ද යන්න අදටත් රහසකි. මෙම පැරණි පරිගණකයේ මුල් අරමුණ ගැන විද්‍යාඥයන් තවමත් නොදනී.

2. පෞරාණික තෝනිස් නගරය මෙම පෞරාණික නගරය මුහුදු ජලයෙන් යටවී ඇති බව ජනප්‍රවාද වල සදහන් වී තිබුනත් බොහෝදෙනෙකු හිතුවේ එය මිත්‍යාවක් බවයි. පර්යේෂකයන් පිරිසක් විසින් මෙය 2010 දී සොයා ගන්නා ලදී. ඊජිප්තු මුහුදු තිරයෙන් හමු වූ මෙම පුරාණ නගරයෙහි ඉතිරි දේ විද්‍යාඥයන්ට බොහෝ දේ තේරුම් ගැනීමට උපකාර වනු ඇත.

3. ලාසාරුස් මත්ස්‍යයා:  ලාසාරුස් මත්ස්යයා වඳ වී ගොස් ඇති බව විද්යාඥයන් විශ්වාස කළා. කෙසේ වෙතත්, අප්‍රිකානු ධීවරයින් පිරිසක් ලාසාරුස් මසුන් අල්ලාගත් පසු සියලු සාගර ජීව විද්යාඥයන් කම්පනයට පත් විය.1931 වසර වන තුරුම විද්යාඥයන් සිතා සිටියේ ලාසාරුස් මසුන් මීට වසර මිලියන 65 කට ප්‍රතම වදවී ගොස් ඇති බවයි.

4. ජුරාසික් ක්ෂ්ද්‍ර ජීවින් වඩාත් ම අමුතු අනාවරණය මෙයයි. වර්ෂ 2012 දී ජුරාසික් යුගයට අයත් ක්ෂුද්රජීව විශේෂයක් පර්යේෂකයන් විසින් සොයාගත්තේය. අවුරුදු මිලියන 85 ක් ඉපැරණි බව ගණන් බලා තිබේ. මිහි මත වෙසෙන පැරණිතම ජීවය මෙයයි.

කොමෙන්ට් කරන්න අමතක කරනන් එපා

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%