,

ඇගට නොදැනී බර අඩුකර ගන්නේ කොහොමද?

අපි කව්රුත් හැඩට සැහැල්ලුවෙන් ඉන්න කැමැති. අපගේ සැබෑ ඉලක්කය විය යුත්තේ සිරුරේ උසට බරක් පවත්වා ගැනීමයි. සාපේක්ෂව අමතර මේදය අඩු කරගැනීමයි. ඔබේ බර අඩුවන විට සිරුරෙන් අමතර මේදය ඉවත් විය යුතු අතර, මාංශ පේශි ක්ෂය නොවී පැවතිය යුතුය. කෙසේ වුවත්, බර අඩු කරගැනීමේ ක්‍රියාවලියේදී ඔබ ප්‍රවේශමෙන් කටයුතු නොකලහොත්, මේදය සමග මාංශ පේශි ද ක්ෂය වීම සිදුවිය හැක. ශරීරයට හිතකර ලෙස අපේ බර අඩු කර ගන්නේ කොහොමද කියල අපි දැන් බලමු.

ඔබ දැනට ගන්නා කැලරි ප්‍රමාණයෙන් දිනකට කැලරි 500-800 ක් පමණ අඩු කිරීමට උත්සාහ කරන්න, කිසිවිටෙකවත්. දිනකට කැලරි 500-800 ක් පමණ අඩු කිරීමෙන් සතියකට බර ග්‍රෑම් 450 ත් 800 ත් අතර ප්‍රමාණයකින් අඩු කරගැනීමට හැකිවේ. මෙම සීමාව ඉක්මවා බර අඩු කරගැනීමට උත්සාහ කිරීමේදී මේදය සමග මාංශ පේශි ප්‍රමාණය ද අඩුවේ. දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගැනීමට කටයුතු කරන්න. ඔබ දිනකට ගන්නා සමස්ථ කැලරි ප්‍රමාණය අඩුකල යුතු මුත්, ඔබේ මාංශ පේශි ක්ෂය නොවී පවත්වා ගැනීම සඳහා නිසි ප්‍රමාණ වලින් ප්‍රෝටීන් ආහාරයට ගැනීමට කටයුතු කල යුතුවේ. එමනිසා, දිනකට ඔබේ බර කිලෝග්‍රෑමයකට ප්‍රෝටීන් ග්‍රෑම් 0.8-1 ක් බැගින් ආහාරයට ගත යුතුය. උදාහරණයක් වශයෙන්, ඔබේ බර කිලෝග්‍රෑම් 60 ක් නම්, දිනකට ප්‍රෝටීන් ග්‍රෑම් 48-60 ක් බැගින් ආහාරයට ගත යුතුවේ. ඔබේ ආහාර වේල සඳහා පෝෂ්‍ය පදාර්ථ බහුළ, නමුත් ශක්ති ඝනත්වය අඩු ආහාර තොරාගැනීමට කටයුතු කරන්න. උදාහරණ ලෙස තන්තු බහුල එළවළු, පළා වර්ග, පළතුරු, සහ කුරුට්ට සහිත සහල් හා ධාන්‍ය දැක්විය හැක. මෙහිදී, ශක්ති ඝනත්වය වැඩි මේදය අධික ආහාර සහ අමතරව සීනි එකතු කල ආහාර ගැනීමෙන් වැළකීම වැදගත් වේ. එසේ කිරීමෙන්, ඔබේ මාංශ පේශි වලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාගනිමින්, කැලරි ප්‍රමාණය සීමා කිරීමට අවකාශ ලැබේ. දෛනිකව ව්‍යායාම කරන්න. මේ සඳහා ශාරීරික ක්‍රියාකාරකම් යොදාගත හැක. සතියකට මධ්‍යම ප්‍රමාණයේ තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකම් විනාඩි 150 ක් හෝ ස්වායු, අධි-තීව්‍ර ශාරීරික ක්‍රියාකාරකම් විනාඩි 75 ක් බැගින් කල යුතුවේ. එමෙන්ම, අවම වශයෙන් සතියකට දෙවරක් වත් ශක්ති වර්ධන ව්‍යායාම වැඩසටහනක් කිරීමට ද නිර්දේශ කෙරේ. බර අඩුකරගැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීමට කටයුතු කල යුතුවේ.

කොමෙන්ට් කරන්න අමතක කරනන් එපා

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%